සරසවි සිසුන්ට මගේ මරණෙට එන්න දෙන්න එපා

null

සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ අමාලි චතුරිකා නම් සිසුවිය නවක වදය දරාගත නොහැකිව ගෙල වැලලාගෙන මියගොස් තිබුණි.

නවක වදය ඉවසාගත නොහැකිව ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණි පසු නැවත විශ්ව විද්‍යාලයට ගොස් නැත්තේ දැඩි මානසික පීඩාව හේතුවෙනි. නවක වදය නිසාවෙන් ඇතිවූ මානසික පීඩාව හේතුවෙන් ඇය මානසික වෛද්‍යවරයෙකුටද පෙන්වා ඇති අතර ප්‍රතිකාර රැගෙන සරසවියට ගිය පසු ඇය යලි නවක වදයට ලක්වී තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි පසුගිය වසරේ අගෝස්තු මස බෙහෙත් පෙති 18 ක් එකවර පානයකොට සියදිවි නසාගැනීමටද ඇය තැත්කොට තිබේ. මිය යාමට පෙර ලිපියක් ලියා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ “මගේ මරණය වු පසුව අවසන් කටයුතු සරලව මාගේ ආදර මා ඉගෙනගත් පාසල වන දේවි බාලිකා විදුහල අසල ඇති කොළඔ කනත්තේ ආදාහනය කරන ලෙසත් මගේ අවසන් කටයුතු වලට සබරගමුව විශ්ව විද්‍යලයේ කිසිම සිසු සිසුවියකට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙසත් මට යම් දේපලක් ඇත්නම් එම දේපල මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට යම් උපකාරයක් වන ආකාරයට ලබා දෙන ලෙසත්ය”

ඇය මෙසේ සියදිවි හානි කරගැනීම හේතුවෙන් ඇගේ පෙම්වතා මෙන්ම හිතමිතුරන්ද ඉතාමත් කණගාටුවට පත්ව තිබේ.

ඔවුන් ෆේස්බුක් වෙත එක්කරන ලද සංවේදී සටහන් කිහිපයක් පහතින්.

null

null

තවමත් විශ්ව විද්‍යාල තුල නවක වදය ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳව වගකිවයුතු බලධාරීන් නිසි පියවරක් නොගන්නේ මන්දැයි ගැටළුවකි. බොහෝ තරුණ තරුණියන් මෙය දරාගෙන සිටියත් අමාලි චතුරිකා වැනි අහිංසක තරුණියන් නවක වදයෙන් ඇතිවෙන මානසික පීඩනයෙන් මෙවැනි ක්‍රියාවන්ට පෙළෙඹෙනු ඇත.

පෙර පළවූ පුවත පහතින්.

නවක වදය නිසා සිසුවියක් ගෙළ වැළලාගනී

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>