සරාගීම ඉන්දීය තරු අතරින් ජැක්ලින්ට 3වන තැන

null

ඉන්දියාවේ විශාලතම මාධ්‍ය ජාලයක් වන “Times of India” වාර්ෂිකව පාඨක ඡන්දයෙන් තෝරාපත්කරන වසරේ සරාගීම සහ ප්‍රිය උපදවන (most desirable women) තාරුකාවන්ගේ ලැයිස්තුව පෙරේදා ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් සමත්වී තිබේ. ඇය එලෙස තෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ බොලිවුඩ් සුපිරි නිළියන් වන ප්‍රියංකා චොප්රා , කට්‍රිනා කෙෆ් සහ බිපාෂා බාසු අභිබවමින් වීම විශේෂත්වයකි.

මෙම ස්ථානයට පත්වීම ගැන ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් සිය ෆේස් බුක් පිටුව මගින් අදහස් දක්වා කියා සිටින්නේ තමන් වෙහෙස මහන්සි වූ තරමට තමන් වාසනාවන්ත වූ බවත් එම තැනට පත්කිරීම ගැන රසිකයන්ට තුති පුදන බවත්ය.

මේ අතර most desirable women ලැයිස්තුවේ පළමුවන ස්ථානය ලබාගෙන තිබෙන්නේ නිල් චිත්‍රපට වලින් බොලිවුඩ් සිනමාවට අවතීර්ණවූ සනී ලියොන්ය. දෙවැනි තැනට කාලයක් තිස්සේ මෙම ලැයිස්තුවේ අංක එක දිනූ දීපිකා පදුකෝන්ට හිමිව ඇත.

එමෙන්ම මෙම ලැයිස්තුවෙන් අයිශ්වර්යා රායි සහ කරීනා කපූර්ගේ නම් ඉවත් කර තිබුනේ ඔවුන් ‘Forever Desirable Women’ ලෙස නම් කරමින් ය.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>