31 Dec 2014
සල්මන්ගේ රථ පෙළට දරුවන් දෙදෙනෙක් හැපේ
නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් සල්මාන් ඛාන් මෙරටට පැමිණීම පුවත් මවන සිද්ධියක් බවට පත්විය. පසුගිය 29 වනදා මෙරටට පැමිණි සල්මාන් ඛාන් එදින රාත්රියේම නැවත ඉන්දියාව බල පිටව ගොස් තිබේ.
එදින පැවති උත්සවයට සහභාගී වූ සල්මාන් ඛාන්ගේ රථ පෙරහැර වැලිකඩ අඔ ගහ හන්දිය ප්රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද වාර්තාවේ. නෙත් නිව්ස් වාර්තා කරන පරිදි එම අනතුරෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.
පොලිස් වාර්තා වලට අනුව එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බවත් අනතුරට පත්ව ඇති රථය වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු පදවන්නට ඇතැයිද ඊට සමාන අනෙක් කාරය පුත්තලම් දිස්ත්රික්කයේ දේශපාලනඥයකුගේ බවද අනාවරණය වී ඇති බව පැවසේ.