සල්මන් ඛාන්ට වසර 10ක සිරදඩුවමක්?

null

2002 වසරේ සැප්තැම්බර් 28 වන දා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් බොලිවුඞ් රංගන ශිල්පී සල්මාන් ඛාන්ට නඩු පවරන ලදී. එහිදී බිමත්ව රිය පැදවූ බවටද ඔහුට චෝදනා එල්ල වී ඇත.

සල්මන් ඛාන් විසින් ධාවනය කරන ලද මෝටර් රථය පදික වේදිකාවක සිටි පුද්ලයෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් මීට පෙර සිවිල් නඩුවක් විභාග කෙරුණු අතර මෙවර විභාග කෙරෙන්නේ අපරාධ නඩුවක්. ඒ අනුව පසුගිය 27 වනදා සල්මාන් ඛාන්ව මුම්බායි අධිකරණයට කැදවනු ලැබ තිබේ.

එහිදී සල්මාන් ඛාන්ට සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවක් ද ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 10ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බව නිතීඥවරුන් පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>