සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්

null

2002 වසරේදී පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් 5 දෙනෙකු යට කරමින් රිය පැදවීම හේතුවෙන් මරණයක් සිදු වීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක් නියම කර තිබේ.

මුම්බායි අධිකරණයකදී එම දඬුවම ප්‍රකාශයට පත් කරන ලද්දේ, මීට සුළු මොහොතකට පෙර ය.

2002 වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා බන්ද්‍රා ප්‍රදේශයේදී එක් අයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සල්මන්ට එරෙහිව චෝදල් ගොනු කර තිබුණි.

මිට අදාල නඩුව කලින් කලට විභාගයට ගැනුණු අතර එම අවස්ථාවේ රිය පැදවූයේ තමන් නොවන බවටත්, අනතුර සිදුවන අවස්ථාවේ පාරේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකි වූ බවටත් සල්මන් ඛාන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

කෙසේ වුවත් අද නඩුව විභාගයට ගත අවස්ථාවේ ඇසින් දුටු සාක්ෂිද ඉදිරිපත් කර තිබුන අතර එම චෝදනාවට සල්මන් ඛාන් වරදකරු බවට පත්විය.

ඒ අනුව අධිකරණය විසින් ඔහුට 5ක සිර දඬුවමක් නියම කර තිබේ.

එම පුවත සැලවීමත් සමග ඔහුගේ රසිකයන් රැසක් ඔහුගේ නිවාස අසලට රැස්වී සිටින අතර බොලිවුඩ් තරු රැසක්ද සල්මන් ඛාන් හමුවීමට ගොස් තිබේ. ඒ අතර ශාරුඛ් ඛාන් ද වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>