සල්ලි නැතැයි කීම පුදුමයක්

null

ජනවාරි 8 වන දායින් පසු පත්වූ වත්මන් ආණ්ඩුව රටේ මුදල් නැතැයි ප්‍රකාශ කිරීම පුදුමයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිකවැරටිය – කොටවෙහෙර – අඹාලේ – ශ්‍රී පුණ්‍යරතනාරාම විහාරස්ථානයේ ඊයේ (29) පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ඊයේ පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා තඹුත්තේගම වෙහරගල විහාරස්ථානයට පැමිණි අතර, එහිදී රටටත්, රණවිරුවන්ටත් සෙත් පතා ආශිර්වාදාත්මක පූජාවක්ද පැවැත්විණි.

එහිදී අගමැති අපේකෂක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චමල් රාජපක්ෂ මහතා පත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී රාජපක්ෂ මහතා කියා සිටියේ මල්ලි මොකද ? අයියා මොකද ? කියාය.

Comments

comments