සහකාර විදුහල්පතිට පහරදුන් සිසුවාට වැඩ වරදී

null

ගාල්ල ලබුදුව ප්‍රදේශයේ පාසැලක සහකාර විදුහල්පතිවරයාට පහරදී තුවාල සිදු කිරීමේ චෝදනා එල්ලවු සිසුවා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාගේ නොමනා හැසිරීම් පිළිබඳ කල අවවාදවලට උරණ වීම හේතුවෙනුයි ඔහු සහකාර විදුහල්පතිවරයාට විකට් පොල්ලකින් පහරදී තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබු සහකාර විදුහල්පතිවරයා මේවන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිසුවා ප්‍රකාශකර තිබුනේ තමාට දිගින් දිගටම සහකාර විදුහල්පතිවරයාගෙන් සිදුවන කරදර හේතුවෙන් මෙලෙස පහරදුන් බවයි.

අක්මීමන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>