සහල් මිල තවත් වැඩිවන ලකුණු

null

මේ දිනවල වෙළඳපොලේ දේශීය සහල් මිල ඉහල ගොස් තිබේ. වී සඳහා ලබාදෙන සහතික මිල අතුරු අයවැයෙන් රුපියල් 50 දක්වා වැඩි කිරීම නිසා සහල් මිල අඩුවීමක් අපේක්ෂා කලත් එවැන්නක් සිදුවී නොමැත.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි පොළොන්නරුව දිස්ත‍්‍රික් වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් රොෂාන් ද සිල්වා මහතා පවසා ඇත්තේ නව සහතික මිල යටතේ දේශීය නාඩු සහල් කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 85ක් පමණ වනු ඇති බවත්, සම්බා සහල්වල මිල ඊටත් වඩා වැඩි වනු ඇති බවත් ය.

දේශීය සහල්වල මිල ඉහළ ගියද ඊට වඩා අඩු මිලට විදේශීය සහල් වෙළෙඳපොළේ අලෙවි කෙරේ.

කෙසේවෙතත් ආණ්ඩුව පවසන්නේ සෙසු ආහාර ද්‍රව්‍යවලට සහන ලබා දී ඇති නිසා පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුනොවන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>