සහල් මිළ වැඩිවේ

rice

නියඟය ඇතුළු ස්වභාවික හේතු මත වී අස්වැන්න අඩුවීමෙන් වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇතැයි රජය පවසයි. මේ වනවිට වෙළදපොළ තුළ සහල් මිල සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් සහල් වර්ග වල හිඟයක් ද පවතියි.

මේ නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.

මේ වන විට සිල්ලර වෙළෙඳපොළේ සහල් අලෙවි වන්නේ පාලන මිළ ද ඉක්මවමිනි. රතු කැකුළු සහල් කිලෝවක් සඳහා පාලන මිල රුපියල් 66ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මේ වනවිට වෙළදපොළේ එම සහල් කිලෝවක් රුපියල් 80 කටත් වඩා වැඩි මිලකට අලෙවි කෙරේ.

එමෙන්ම බොහෝ ප්‍රදේශවල රතු කැකුළු සහල් හිඟයක් ද පවතින බව වාර්තා වේ.

පසුගියදා ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සිදුකළ ඉල්ලීමකට අනුව පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ.

සහල් ආනයනය කිරීමට උපදෙස් ලබාදී තිබියදීත් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ඊට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් වර්ධනයවීමට බලපා ඇත.

කෙසේ වෙතත් වී ගොවින් පවසන්නේ සහල් මිල ගණන් ඉහළ ගිය ද තම වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>