ස්කයිප් භාවිතයේදී කාන්තාවන් බුද්ධිමත් වන්න

null

අන්තර්ජාල භාවිත කරන පිරිස් ඉහල යාමත් සමග අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ සහ නොමනා ක්‍රියාද ඉහල ගොස් තිබේ. විශේෂයෙන් අන්තර්ජාලය යොදාගනිමින් කාන්තාවන් රවටා අතවරයට පත්කිරීම සම්බන්ධ පුවත් පසුගිය දින වලදී වැඩිපුර අසන්නට ලැබුණි.

මේවා සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ලැබෙන පැමිණිලි අපමණය. අන්තර්ජාලය භාවිතයේදී කාන්තාවන් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම් මෙවැනි අපරාධ අවම වනු ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලංකා රාජිනී මහත්මිය අද පුවත්පතට මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකර තිබේ.

‘ලංකාව මේ වෙද්දි තාක්ෂණිකව දියුණු වෙමිනුයි පවතින්නෙ. ඒ අතරේ ආකල්පමය වශයෙන් කාන්තාවන් හා ළමයින් වර්ධනය වීම අත්‍යවශ්‍යයි. එහෙම වෙනවා නම් %ස්කයිප්^ වැනි මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ අවම කරගත හැකියි. බෙහෝ කාන්තාවන් ‘ස්කයිප්’ භාවිතයට පෙළඹීමෙන් විවිධ අපරාධවලට ගොදුරුවෙනවා. වැඩිහිටි කාන්තාවන් මෙම මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කළ යුතු අතර, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ එම මාධ්‍ය භාවිතය ගැන වැඩිහිටියන් අවධානය යොමුකළ යුතුයි. කිසිවෙකුගේ තර්ජනයට හෝ බලපෑමට කැමරාවක් ඉදිරියේ කිසිසේත්ම නිරුවත් වියයුතු නැහැ. ඒවාට අවනත වීමෙන් සිදුවන්නේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ ඉහළයෑමයි. කිසිවකු එවැනි බලපෑමක් සිදු කරන්නේ නම් කාන්තාවන් කළයුත්තේ වහා එවැනි පුද්ගලයන්ට එරෙහිව පොලීසියට පැමිණිලි කිරීමයි. සමාජ ජාල භාවිතයේදී තමන්ගේ සියලු පෞද්ගලික කාරණා ප්‍රසිද්ධ කිරීමත් කාන්තාවන්ගේ පැවැත්මට හානි සිදුවිය හැකි තත්ත්වයක්’

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>