ස්ත‍්‍රී දූෂණයන්ට මරණ දඬුවම ලබාදිය නොහැකියි

null

මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නියම කළහොත් එම දඩුවම ලබාදීමට තමන් සූදානම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ ඒ සඳහා පහසුකම් තිබෙන බවයි.

මරණීය දණ්ඩනය නැවත ක‍්‍රියාත්මක කිරීමට තමන්ගේ අකමැත්තක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ කියා සිටියේය. ඒ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය ගැන සඳහන් කරමිනි.

කෙසේ වෙතත් මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කෙරුණ ද පවතින නීතිය යටතේ ළමා හිංසනයන්ට හෝ ස්ත‍්‍රී දූෂණයන්ට එම දඩුවම ලබා දිය නොහැකි බව අපරාධ නීතිය පිළිබඳ ප‍්‍රකට නීතිඥවරයෙකු වන යු.ආර්. ද සිල්වා මහතා පවසයි.

පවතින නීති යටතේ කිසියම් වරදකරුවෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමට බලය ඇත්තේ මහාධිකරණයකට පමණයි. මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතු දිනය සහ වේලාව නියම කර ජනාධිපතිවරයා ඒ සඳහා අනුමැතිය දිය යුතුයි.

1976 වසරෙන් පසු ශ‍්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක වී නැහැ. මහාධිකරණ විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණ ද දිනය හා වේලාව නියම කර ජනාධිපතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා නොදීම ඊට හේතුවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>