ස්වාසිලන්ත රජුගේ බිසව වීමට සිටි කන්‍යාවියෝ 38ක් මරුට

null

අප්‍රිකානු – ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජුගේ නව බිරිඳ වීම සඳහා සංවිධාන කර තිබූ ස්වයංවර මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටි තරුණියන් 38 දෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් විවෘත ට‍්‍රක් රථයක නැගී අදාළ අවස්ථාවට සහභාගි වීම සඳහා යමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි. තවත් තරුණියන් 20 දෙනෙකු පමණ එහිදී තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

මොවුන් ගමන් කළ විවෘත ට්‍රක් රථය මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථයක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. පසුගිය සිකුරාදා රාත්‍රියේ අනතුර සිදුව ඇති අතර, එහිදී සිදුවූ ජීවිත හානි පිළිබඳව එරට පොලීසිය නිල වශයෙන් තොරතුරු හෙළි කර නොමැත.

ස්වාසිලන්ත රජතුමාට නව බිරිඳක් තෝරා ගැනීම ද වාර්ෂිකව පැවැත්වෙන අදාළ සංස්කෘතික සංදර්ශනයේදී සිදුකෙරේ. දින 8ක් පුරා පැවැත්වෙන සංදර්ශනයට හතළිස් දහසක පමණ පිරිසක් සහභාගි වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>