සාකච්ඡා අසාර්ථකයි. – දුම්රිය වර්ජනය තවදුරටත්

null

වැටුප් විෂමතා මුල්කර ගනිමින් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසයි. වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර විසඳුමකට පැමිණීම සඳහා ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සමග පැවැති සාකච්ඡා ද සාර්ථක නොවු බව එම වෘත්තීය සමිති පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී වැටුප් විෂමතා ඇතුළු ගැටලූවලට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර සතියක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදී තිබේ. එම තීරණය සම්බන්ධයෙන් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බව එම එකමුතුවේ කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු මහතා කියා සිටියේය.

දුම්රිය වෘත්තිය සමිති සහ බලධාරින් අතර අද පෙරවරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මෙම වර්ජනය නිසා දිවයින පුරා දුම්රිය ස්ථානවල සේවය ලබාගන්නා මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට එක්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>