සාක්ෂිකරුගේ මරණයට සහ ගුරුවරියට මරණ තර්ජන කිරීමට සම්බන්ධයක් නෑ – හිටපු මන්ත්‍රී පවසයි

teacher
නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීමේ නඩුවේ සිව්වන සාක්ෂිකරුවාගේ මරණයට හෝ පාසල් ගුරුවරියට මරණීය තර්ජනය කරමින් ලිපියක් යැවීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

අදාල නඩුවේ සිව්වන සාක්ෂිකරු වූ පුන්‍යසේන බණ්ඩාරගේ මළසිරුර පසුගියදා ඔහු පදිංචි නිවස පිටුපස පාළු ළිදක තිබී හමු විය. මේ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේදී පැවැත්වුණු අතර මෙම මරණය කෙසේ සිදුවී ඇත්ද යන්න නිගමනය කළ නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බැවින් ශරීරයේ කොටස් රඳවා ගත් බව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. විජේවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට පසුව 05 වැනිදා දහවල් සුසිලා ප්‍රියානි ගුරුවරියට මරණ තර්ජනය කිරීමේ ලිපියක් හිටපු මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරගේ නමින් ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් පාසල් ගුරුවරිය විසින් මතු ආරක්ෂාව සදහා නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත් ඊයේ සවස 7.00 ට පමණ නවගත්තේගම පොලීසියට ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා මේ සිද්ධීන් වලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන් සමග අමනාපයෙන් පසුවන කිසියම් අයෙකු තමාගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම සිද්ධීන් සිදුකරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයිද පොලීසිය හමුවේ ප්‍රකාශයක් කර ඇත.

පුන්‍යසේන බණ්ඩාරගේ මරණය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් සහ බුද්ධි අංශ විසින් පරීක්ෂ ආරම්භ කර ඇති අතර,පාසල් ගුරුවරියට ලැබුණු බව කියන තර්ජනාත්මක ලිපිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විසින් පරීක්ෂණ කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>