සා/පෙළ අසමත්වීමෙන් තවත් දෙන්නෙක් මැරෙන්න හදලා

null

හැටන් පෘට්හිල් දෙමළ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි යෙහෙළියන් දෙදෙනෙක් විභාගය අසමත්වීම පිළිබඳව සිත් තැවුලට පත්ව අධිමාත්‍ර ඖෂධ පානය කිරීමෙන් පසු රෝහල් ගතකර තිබේ.

18 හැවිරිදි සහ 17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකු මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇත.

ඊයේ (30) පස්වරු 6 ට පමණ 18 හැවිරිදි සිසුවිය ගවයින් සඳහා ලබාදෙන ඖෂධ වර්ගයක් පානය කර ඇති අතර 17 හැවිරිදි සිසුවිය සිය පියා විසින් භාවිතයට ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව සඳහන්ය.

පසුව රෝගාතුර වු සිසුවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ.

සිසුවියන් නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ ඖෂධ පානයකර ඇති බව එම සිසුවියන් දෙදෙනාගේ මව්වරුන් පවසයි. සිසුවියක් දෙවන වතාවට විභාගයට පෙනී සිට විෂයන් හයක් සමත්වී ඇති අතර අනෙක් සිසුවිය පළමු වතාවට විභාගයට පෙනී සිට විෂයන් හයක් සමත්වී තිබේ. සිසුවියන් දෙදෙනා පවසන්නේ මෙවර විභාගයට තම පාසැලෙන් විසිපස් දෙනෙකු පෙනීසිටි බවත් ඉන් අටදෙනෙක් පමණක් සාමාන්‍ය පෙළ විාගය සමත්වී ඇති බවත්ය.

කෙසේ වෙතත් සිසුවියන් දෙදෙනාගේ මව්වරුන් පවසා ඇත්තේ තමන්ගේ දියණියන් විභාගය අසමත්වීම ගැටලුවක් නොවන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>