සාමකාමී ජනපතිවරණය ගැන ඔබාමාගෙන් පැසසුම්
Posted in Political, What's Hot? By Reporter On January 10, 2015සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබදව ශ්රී ලංකාවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම ප්රසාදය පළ කර තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ශ්රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඒ සඳහා වූ වැදගත්කමින් ඔබ්බට යන්නක් බවයි. එය ලොව පුරා ප්රජාතන්ත්රවාදයට සහාය දක්වන්නන්ට බලාපොරොත්තුවේ සංකේතයක් වන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සදහන් කර තිබේ.
එමෙන්ම මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්රහණය පිළිබදව සුබ පැතූ ඇමරිකානු ජනාධිපතිවරයා නිවැරදි අන්දමින් බලය හුමවාරු කිරීම පිළිබදව හිටපු ජනාධිපතිවරයාට ද තුති පුද කර ඇත.
2015 ජනාධිපතිවරණය ජයග්රහණය කළ මෛත්රීපාල සිරිසේන මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ශ්රී ලංකාවේ සාමය, ප්රජාතන්ත්රවාදය සහ සශ්රීකත්වය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් සූදානම් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.