සාමණේර හිමිනමක් සිඟමනේ යොදවලා

null

අම්පාරේ පිහිටි විහාරස්ථානයක වැඩසිටි සාමණේර හිමිනමක් සිගමනේ යොදවා සිටියදී අද දඹුල්ල පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

අදාළ සාමණේර හිමි නම සමග අත්අඩංගුවට ගත් සැකකරු විහාරස්ථානවලින් සාමණේර හිමිවරුන් රැගෙන ගොස් සිගමනේ යෙදවීමේ ජාවාරම කලක පටන් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

අදාල සැකකරු මෙම සාමණේර හිමි නම රවටා පැහැරගෙනවිත් සිවුරු ඉවත් කර සිඟමනේ යොදවා තිබේ. ඔහු විසින් අදාළ සාමණේර හිමිනම රවටා ඇත්තේ මවුපියන් මුණගැස්වීමට යන බව පවසමින්.

වයස අවුරුදු 10ක් වන අදාළ සාමණේර හිමි නම මෙලෙස සිඟමනේ යොදවා ඇත්තේ දඹුල්ල සතිපොළ භූමියේයි.

අත්අඩංගුවට ගැනුනු පුද්ගලයා 35 වැනි වියේ පසුවන ගල්කිරියාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>