සැප බස් රථ දෙකක් සොයාගැනේ

null

පසුගිය 29 වනදා විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙනවිත් දමා තිබු අධී සුඛෝපභෝගී බස්රථ දෙකක් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුගිය 2013 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙම අධී සුඛෝපභෝගී බස්රථ දෙක ලබාගෙන තිබෙන බවට වාර්තා වන අතර පසුව ඒවා නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කැර ඇත.

ඊයේ (30) මෙම බස්රථ දෙක මාධ්‍යවේදීන්ට දැකබලාගැනීමට අවස්ථාව ලබාදුන් අතර සියලු පහසුකම්වලින් යුත් මෙම බස්රථ හෝටල් කාමර ලෙසින් නිර්මාණය කර ඇත. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් පසුව නාමල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඌව හිටපු ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම බස්රථ පරිහරණය කර තිබෙන බව වාර්තා වේ.

බසයක වටිනාකම අඩු ගණනේ රුපියල් කෝටි 2 ඉක්මවතියි දැනගන්නට ඇත.

null
null
null
null
null
null
null

ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා එම බස්රථ පරිහරණය කර තිබු අයුරු

null
null
null

ඡායාරූප – ශ්‍රීලංකන් මිරර්/ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>