සැමියා බිරිඳව ගැටගසා ඇගේ නැගණිය දුෂණය කරයි

rapecase

ආණමඩුව -පෙරමාකුත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිදව ගැට ගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණියව දුෂණය කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර සැමියාගේ බිරිඳ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ආණමඩුව පොලිසිය සැකකරුව පොලීස් අත්අඩංගුවට ගෙන ඇත. බිරිඳ පවසා ඇත්තේ තමන්ව ගැට ගසා දමා තම නැගණියව සැකකාර සැමියා විසින් බලහත්කාරයෙන් දුෂණය කළ බවය.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මීට පෙර අවස්ථා වලදී මෙම දැරියකට අතවර කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>