සැමියා මරන්න රුපියල් 10,000ක් දුන්නා

null

බණ්‌ඩාරගම පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ පලිහවඩන මහතා ඝාතනය කිරීම සඳහා රුපියල් 10,000කට කොන්ත්‍රාත්තුවක් දුන් බව අත්අඩංගුවට ගත ඔහුගේ බිරිඳ පාපොච්චාරණය කර තිබේ.

පසුගියදා අදාල පොලිස් පරීක්ෂකවරයා නිදි යහනේදීම කපාකොටා ඝාතනය කර තිබියදී සොයාගන්නා ලදී. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන්නේද ඔහුගේ බිරිඳ විසිනි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

මගේ මහත්තය දරුවො දෙන්නටයි මටයි පුළුවන් තරම් වධ දුන්නා. අපට හරියට කන්න අඳින්නවත් දුන්නේ නැහැ. මහත්තයගෙන් අපට සිද්ධවෙන කරදර හිරිහැර උහුලගන්න බැරි තැන මම එයාව මරන්න රුපියල් දහ දාහක කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන්නා යෑයි ඔහුගේ බිරිඳ එහිදී පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් එක්‌ පුද්ගලයකු කුකුළු මස්‌ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි. පලිහවඩන මහතාගේ බිරිඳ අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඔහුටය. කුකුළු මස්‌ ව්‍යාපාරිකයා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඔහුගේ හිතවතෙකුට ලබාදී තිබේ.

සැකකාර කාන්තාව පොලිසිය හමුවේ කල පාපොච්චාරණය පහතින් දැක්වේ…

මහත්තයා මගේ දේපළ සේරම එයාගේ නමට ලියාගත්තා. ඒ හැම දෙයක්‌ම බුක්‌ති වින්දේ මහත්තයා. ලාභ ගත්තෙත් එයා. අපට එක සත පහක්‌වත් දුන්නෙ නැහැ. මමයි දරුවො දෙන්නයි මේ ගෙදර අපාදුක්‌ වින්දා. අපට හරියට කන්න අඳින්න දුන්නෙ නැහැ. උදේ ඉඳලා රෑවෙනකල් මම කඩේට වෙලා ඉන්න ඕනේ. ළමයි දෙන්නව කඩේට එක්‌කරගෙන එන එක තහනම් කරලා තිබුණේ. එහෙම කළේ ළමයි බිස්‌කට්‌ චොකලට්‌ කනවා කියලා.

කඩේට ගේන කිසිම දෙයක්‌ අපට කන්න බොන්න දුන්නේ නැහැ. බිත්තර ටික පවා ගණන් කරලා තියනවා. හාල් ගෝනියෙත් සලකුණක්‌ කරලා යනවා අපි ඒවා ගනියි කියලා. මහත්තයාගෙන් දික්‌කසාද වෙන්නවත් මට අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. මේ කරදර උහුලන්න බැරි තැන මම කුකුල් මස්‌ කඩේ මුදලාලිට කිව්වා මහත්තයාට මොනවා හරි කරන්න කියලා.

එයා මේ වැඩේ තවත් කෙනෙකුට භාර දුන්නා. මහත්තයව මරණ කොන්ත්‍රාත්තුව භාර ගන්න කෙනාව මම කලින් දවසෙ ගෙදරට එක්‌ක ඇවිත් රාත්‍රියේදී ගෙට ඇතුළුවන හැටි පෙන්නුවා. මහත්තයව මරන්න මුලින් රුපියල් දහ දාහකුත් පස්‌සෙ තවත් රුපියල් පන් දහසකුත් දෙන්න පොරොන්දු වුණා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>