සැමියා මිතුරන් සමග බිරිඳ කෙළෙසුවේ මිස්කෝල් එකක් නිසාලු
පසුගියදා සුරියවැව – විහාරගල ප්‍රදේශයේ සැමියා තම මිතුරන් සමග එක්වී බිරිඳව කැලයකට බලයෙන් රැගෙන ගොස් දුෂණය කිරීමේ පුවතක් වාර්තා විය.
බිරිඳ සමග තවත් පුද්ගලයෙකුද රැගෙන ගොස් ඔහුටද වද දී තිබෙන අතර පසුව හුන්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි එක්දරු මවකි. ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වී ඇති මොවුන් දෙදෙනා අතර විවිධ හේතුන් මත පවුල් ආරවුල් හටගෙන ඇත.
පසුව ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තරුණිය බරවකුඹුක ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක රැකියාවකට ගොස් තිබේ. පසුගියදා එම තරුණියට ඇගළුම් ආයතනයේ සේවය කරන තරුණයකුගෙන් ලැබුණු මිස්කෝල් එකක් හේතුවෙන් මොවුන් අතර තිබු පවුල් ආරවුල් උග්‍ර වී තිබේ.
මේ හේතුවෙන් තරුණිය නිවසින් පිටව ගොස් ඇති අතර ඇයගේ සැමියා තවත් මිතුරන් පස්දෙනෙකු සමග ගොස් මිස්කෝල් එක ලබාදුන් තරුණයා හුංගම ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඔහුට පහරදී, ඔහු ලවා තම බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇය සිටින ස්ථානය සොයාගෙන ඇයවද බලෙන් සූරියවැව මදුනාගල කැලයකට රැගෙන ගොස් ඇත.
පසුව සැමියා ඇතුළු පිරිස පැහැරගැනීමට ලක්වූ තරුණයා සමග මෙම තරුණියට ලිංගිකව හැසිරෙන ලෙස තර්ජනය කර එම ක්‍රියාවලිය වීඩියෝ ගත කර ඇති අතර අනතුරුව සැකකාර සැමියා තම මිතුරන් සමග එක්වී එම තරුණිය නැවත වරක් දුෂණය කර එම අවස්ථාවන්ද වීඩියෝ ගත කර ඇති බව පොලිසිය පවසයි.
පසුව අදාල තරුණිය මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර වයස අවුරුදු 22 – 25 අතර සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත් සැකකාර සැමියා මෙතෙක් අත්අඩංගුවට නොමැති අතර ඔහුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
පෙර පළවූ පුවත පහතින්.