සැමියා රට ඉඳන් ඇවිත් බිරිඳ සමග ගිනි තබාගනී

null

වව්නියාව – කූමාන්කුලම් ප‍්‍රදේශයේ නිවසක සිටි අඹු – සැමි යුවලක් සිරුරුවලට ගිනි තබා ගැනීමෙන් පසු බිරිඳ මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (27) පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔවුන් සිරුරුවලට ගිනි තබාගෙන ඇති බවට සැක කෙරේ.

සිරුරට ගිනි ඇවිලීම හේතුවෙන් ගජේන්ද්‍රන් සුජාන්දනි නමැති 30 හැවිරිදි කාන්තාව මියගොස් ඇති අතර බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් නමැති 40 හැවිරිදි ඇගේ සැමියා බරපතල පිළිස්සුම් තුවාල හේතුවෙන් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

ගජේන්ද්‍රන් දින දහයකට පමණ පෙර විදේශගතව සිට දිවයිනට පැමිණ ඇති අතර, නිවසට පැමිණි දින සිට ස්වාමියා හා භාර්යාව අතර පවුල් ආරවුල් පැවති බැවි ප‍්‍රදේශවාසීන් පවසා තිබේ.

මෙය සියදිවි නසාගැනිමක්ද ඝාතනයක්ද යන්න ගැන වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

null
null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>