සැලුන් එකකින් මේකප් දැමූ තරුණියක් හදිසියේ මියගිහින්

null

මහනුවර – අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් රූපලාවන්‍ය කටයුත්තක් සඳහා සැලුන් එකකට ගොස් නැවත පැමිණීමෙන් අනතුරුව හදිසියේ මියගොස් තිබෙන බව හිරු වෙබ් අඩවිය වාර්තා කරයි.

මහනුවර – තැන්නේකුඹුර ප්‍රදේශයේ පිහිටි අදාල රූපලාවන්‍යගාරයට ඇය ගොස් ඇත්තේ විවාහ උත්සවයකට සහභාගී වීම සඳහා මේකප් එකක් සිදුකර ගැනීමටයි. උදේ වරුවේ එම කාර්යට ගොස් 12 පමණ වන විට ඇය සේවා ස්ථානයට ගොස් තිබෙන අතර එහිදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් දහවල් 12.30ට පමණ ඇයව මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේ වෙතත් පස්වරු 1.30ට පමණ ඇය මියගොස් තිබේ.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔවුන් සැක කරන්නේ රූපලාවන්‍ය කටයුත්තේදී එයට යොදාගත් යම් ද්‍රව්‍යක් ඇලජික් වීම නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවයි.

ඇයගේ මෘත ශරීරය රෝහලේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>