සෑම පාසලකටම ඊ- පුස්තකාලයක්

null

සෑම පාසලකටම ඊ පුස්තකාලයක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කොළඹ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාසල් සිසුන් වෙනුවෙන් පුස්තකාල හරහා පොත් ලබාදීමේදී විෂය සම්බන්ධ ප‍්‍රවීණ බුද්ධි මණ්ඩලයක් මගින් එම පොත් තෝරාගැනීම ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි.

පුස්තකාල නව්‍යකරණයට ලක් නොකළොත් අනාගතයේ ඒවා හුදකලා විය හැකි බවත්, නිරන්තරයෙන් යාවත්කාලීන වූ තොරතුරු ලබාදෙන තොරතුරු සම්පත් මධ්‍යස්ථාන බවට සියලූ පුස්තකාල පරිවර්තනය කිරීමේ ක‍්‍රමවේදයක් ඉදිරියේ දී සකස්කළ යුතුව පවතින බවත්, අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන්ම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය වන තොරතුරු සහ පැරණි ග‍්‍රන්ථවල තොරතුරු අවශ්‍ය අයට ප‍්‍රාදේශීය මට්ටමින් ලබාගත හැකි පරිදි ඒවා ඩිජිටල් කර අන්තර්ජාලයට එක් කිරීමේ ක‍්‍රමවේද සකස් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සියලූ පුස්තකාලාධිපතිවරුන්ගේ වෘත්තීය ගැටලූ විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>