23 Mar 2015
සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් සමුගනී
සිංගප්පූරුවේ නිර්මාතෘවරයා මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන් යූ අද අලූයම අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 91 වන වියේ පසු වූ හෙතෙම දින ගණනාවක් රෝගාතුරුව සිට ඉකුත් දින කිහිපයයේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව එරට පුවත් සේවා අනාවරණය කරන ලදී.
කුඩා නගරයක්ව පැවති සිංගප්පූරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා මැලේසියාවෙන් වෙන්කර ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කළ ලී ක්වාන් යූ මහතා වසර 31 ක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පාලනය හෙබවීය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු මස 29 වැනිදා සිදුකිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.