සිඟිති දරුවා අඬන නිසා අනියම් සැමියා ලවා කකුල් කැඩූ මව

null

තම අනියම් බිරිඳගේ වසර 1 1/2 ක්‌ වියෑති සිඟිති දරුවාට පහරදී සිඟිත්තාගේ කකුල් අඹරා කඩා දමා දරුවාගේ ගෙලද සපා කා බරපතළ තුවාල සිදුකළ අනියම් සැමියා සහ ඊට සහාය දුන් අනියම් බිරිඳ වූ දරුවාගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නප්පුව සහ පමුණුගම සෙත්තපාඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන දුමින්ද ලක්‌මාල් (21) සහ දරුවාගේ මව වන ලක්‌ෂිකා ප්‍රියදර්ශනී (22) යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු කොන්ක්‍රීට්‌ වැඩවල නියුතු කම්කරුවෙකි. ඔහු තම මිතුරකු සමග වෙන්නප්පුවේ කොන්ක්‍රීට්‌ වැඩපළක සේවය කර ඇත. එහිදී මිතුරාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක්‌ පවත්වා මිතුරාගේ බිරිඳ කැඳවාගෙන පමුණුගම සෙත්තපාඩුව ප්‍රදේශයට පලාගොස්‌ ඇත.

එහිදී සිඟිති දරුවා නිතර නිතර ඇඩීම පිළිබඳව උරණ වූ දරුවාගේ මව ඇගේ අනියම් සැමියා පොලඹවා අමානුෂික පහරදීම් කර ඇත.

මේ පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරයාට තොරතුරු ලැබී ඇති අතර පසුව අනියම් සැමියා සහ දරුවාගේ මව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එහිදී මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය ඔවුන්ව අගෝස්‌තු මස 31 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>