සිඩ්නි අවන්හලේ ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනේ

null

ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර අවන්හලක පැය 16කට වැඩි කාලයක් රදවාගෙන සිටි ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ ඊයේ (15) සමත් වී තිබේ. ඒ පැය 16 ක පමණ මෙහෙයුමකින් පසුවයි.

කමාන්ඩෝ භටයන් අවන්හල තුලට කඩා වැදී තුවක්කුකරුට වෙඩි තබා ඝාතනය කර තිබේ. එහිදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනෙකුද ඉන් මියගොස් තිබෙන අතර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවී තිබෙ.

මියගොස් ඇත්තේ අවන්හලේ හිමිකරු සහ නීතිඥවරියකි. ඊයේ පෙරවරුවේම පුද්ගලයින් 5 දෙනෙකු තුවක්කුකරුගේ ග්‍රහණයෙන් මිදී පලාගොස් තිබුණි. ඔවුන් ඇතුළු ප‍්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු තුවක්කරුවගේ ග්‍රහණයේ සිට ඇත.
තුවක්කුකරුවන් අවන්හල ඇතුළත අරාබි අකුරු පින්තාරු කරන ලද කලූකොඩියක් ඔසවා තිබූ අතර එහි සඳහන් වූයේ අල්ලා දෙවියන් හැර කිසිදු දෙවියෙකු මිහිපිට නොමැති බවයි.

එම තුවක්කුකරුවා ඉරාන ජාතික සංක‍්‍රමණිකයෙකු වූ හරුන් මෝනිස් නැමැත්තෙකු වන අතර හරුන් මෝනිස් 1996 වසරේදී ඕස්ටේ‍්‍රලියාවේ දේශපාලන සරණාගතභාවය හිමි කර ගත් අතර වෙනත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙක්.

සිද්ධියෙන් මියගිය සාමාන්‍ය පුද්ගලයින් දෙදෙනා

null

හරුන් මෝනිස් නැමති තුවක්කුකරු

null
null

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>