22 Jun 2015
සියලු නූඩ්ල්ස් පරීක්ෂාව ඇරඹේ
වෙළෙඳපොලේ අලෙවි කරන සියලූම නුඞ්ල්ස් වර්ගවල සාම්පල පරික්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ නියෝගයක් අනුව අදාළ පරික්ෂණ පැවැත්වේ.
කාර්මික තාක්ෂණ ආයතනය හරහා අදාළ පරික්ෂාවන් සිදුකෙරෙන අතර එම ආයතනයේ වාර්තාව ලැබීමෙන් පසු මිනිස් සිරුරට හානිදායක යම් රසායනික ද්‍රව්‍යයක් කිසියම් නුඞ්ල්ස් සාම්පලයක පවතින බව සනාථ වුවහොත් එම නිෂ්පාදන තහනම් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.