සියාම්ගේ පියා වාස් ගැන ඊයේ කියූ දේ අද ඉල්ලා අස්කරගනි
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පිළිබඳ තමාට කිසිදු සැකයක් නොමැති බවට පසුගිය දින තමා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ඝාතනයට ලක්වූ මොහොමඩ් ෂියාම්ගේ පියාවන මොහොමඩ් සුබේර් මොහොමඩ් හුසාම්ඩීන් මහතා පවසයි.
ඊයේ (27) මොහොමඩ් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු නි.පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතු ඇතුළු 6 දෙනෙකු වරදකරු බවට පත්කරමින් මහාධිකරණය විසින් මරණ දඬුවම් ලබාදීමෙන් පසු අධිකරණ භූමියේදී හෙතෙම හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පිළිබඳ තමාට කිසිදු සැකයක් නොමැති මේ බව කියා සිටියේය.
වාස් ගුණවර්ධන මහතා මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කරන්නේනම් ඊට සහයට සාක්ෂි දීමට තමා සූදානම් බවද ෂියාම්ගේ පියා එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත් අද ඔහු වැල්ලවත්ත සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දින තමා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, තමා එම අවස්ථාවේදී එම ප්‍රකාශය සිදු කරන ලද්දේ එම අවස්ථාවේදී තමාගේ සිතේ තිබු කලබලකාරී තත්ත්වයෙන් බවත්, අදාළ අධිකරණ තීන්දුව තමා පිළිගන්නා බවත් ය.
මේ අතර, ඊයේ සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසට කිසිවෙකු බලපෑමක් කළේදැයි මොහොමඞ් සියාම්ගේ පියාගෙන් විමසූ අතර එවැන්නක් නොමැති බව ඔහු කියා සිටියා.