15 Dec 2014
සිරකරුවන් ඡන්ද වැඩ
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා බන්ධනාගාරවල සිරකරුවන් යොදවා ගැනීම කැෆේ සංවිධානය දැඩි ලෙස හෙළා දැක තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ඊයේ (14) මාතර කඹුරුපිටිය ප්රදේශයේදී පැවති සන්ධාන ජන රැළියක් සඳහා වේදිකාව ඉදි කිරීම සැරසිලි සිදු කිරීම සහ ප්රචාරක කටයුතු සදහා සිරකරුවන් යොදා ගෙන ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධාන පවසා ඇත.
ගාල්ල බන්ධනාගාරයට අයත් රැඳවියන් 44 දෙනෙකු මේ සඳහා යොදාගෙන තිබෙන බව සඳහන්. ඔවුන් සඳහා එදින විශේෂිතවූ නිල් පැහැති ඇඳුමක්ද මසා අඳින්නට සලස්වා තිබේ.