01 Nov 2015
සිරකරුවෙකු වෙනුවෙන් දිනක වියදම රු.500 යි
බන්ධනාගාරගතව සිටින රැඳවියෙක් වෙනුවෙන් රජය දිනකට රුපියල් 500ක පිරිවැයක් දරන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන පවසයි.
නවීකරණය කරන ලද යාපනය බන්ධනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 18000 ත්, 20000 ත් අතර රැඳවියන් සංඛ්‍යාවක් මෙරට බන්ධනාගාර තුළ සිටින බවයි.
මෙම රැඳවියන් අතුරෙන් නිදහස් කළ හැකි සාධාරණ කරුණු සහිත රැඳවියන් කඩිනමින් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද හෙතෙම සඳහන් කර තිබේ.