සිරස ‘සටන’ අවහිර කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතාබහට

null

පසුගියදා සිරස TV ඔස්සේ විකාශය කළ ‘සටන’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට සහභාගී වී සිටියේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකි.

මෙම වැඩසටහන බොහෝ ප්‍රේක්ෂකයින්ට නැරඹීමට නොහැකිවූයේ ඇතැම් මාර්ග ඔස්සේ එහි විකාශය අවහිර කර තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතාබහට ලක්ව තිබෙන බව සිරස මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී විලියම් බැක් සඳහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ පළමු රූපවාහිනී වැඩසටහන අවහිර කර ඇති අතර ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් ද ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වීම සඳහා ගත හැකි පියවර කුමක් ද යන්න ය.

මන්ත්‍රී විලියම් වොලස් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමේ හොඳ ම ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ය. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය පිළිබඳව මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව ද ඔහු පවසා තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>