සිරස සහ දෙරණ නාලිකා අතර ගැටුමක්

null

කැපිටල් මහාරාජා ආයතනයේ මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිසක් අද පස්වරුවේ දෙරණ මාධ්‍ය ආයතනයට කඩාවැදී අනවසරෙන් බලහත්කාරීව රූගත කිරීමක් සිදුකරන්නට යාමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි අනවසරෙන් ඇතුළුව රූගත කරන්නට යාමෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළ දෙරණ සේවක පිරිසක් සමග ඔවුන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ ගැනීම නිසා මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි.

පසුව මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් විසින් මෙම සිදුවීම පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කැපිටල් මහාරාජා ආයතනයේ මාධ්‍යවේදීන් පොලිස් බාරයට ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සිරස නාලිකාව වාර්තා කරන්නේ ඔවුන්ගේ මාධ්‍යවේදීන් දෙරණ නාලිකා පරිශ්‍රයට ගියේ, ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා බවයි.

එයට හේතුවී ඇත්තේ කොටුව එචලන් චත්‍රරස්‍රයේ පිහිටි ඉඩමක අයිතිය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය සතු නොවන බවට දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කල පුවතකි.

වැඩි දුරටත් සිරස නිව්ස් වාර්තා කරන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා එම ආයතනයට ගිය බවත්, දෙරණ නාලිකාවට ඒ සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම ඔවුන්ගේ අරමුණ වූ බවත් ය.

එම අවස්ථාවේ දෙරණ සේවකයින් විසින් ඔවුන්ගේ මාධ්‍යවේදීන් සිරකර ගනු ලැබ ඇති අතර නිව්ස්ෆස්ට් කණ්ඩායමේ කැමරා උපකරණ පැහැරගෙන තිබෙන බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත් දෙරණ නාලිකාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර අවසරයකින් තොරව මාධ්‍ය ආයතනයකට කඩාවැද රූගත කිරීම, පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට පටහැණිවා සේම නීති විරෝධී බැවින් මෙම සිදුවීම ටීවී දෙරණ ඇතුළු මාධ්‍ය ජාලය ලෙස ඔවුන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.

එම අවස්ථාවේ වීඩියෝ කිහිපයක් පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>