සිරිකොත ඉදිරිපිටදී ඇතිවූ ගැටුම

null

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී අද උදෑසන දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් උණුසුම් කාරී තත්වයක් ඇති විය.

ඒ එක්සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් 1500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙද්දී පිටතින් පැමිණි ‍250ක පමණ පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි ජාතික සංවිධාන එකමුතුව විසින් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර අත්සන් තබා ඇතැයි පැවසෙන ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහායී.

එම අවස්ථාවේදී උද්ඝෝෂණය කළ පිරිස හා සිරිකොත තුළ සිටි පිරිසක් අතර ගල් මුල් හුවමාරුවක් සිදුව ඇති අතර ඉන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

පසුව පොලිස් කැරලි මර්ධන ඒකකය කැදවා එම තත්වය මැඩ පවත්වා තිබේ.

කෙසේවෙතත් එම ගැටුම සම්බන්ධයෙන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>