සිරුරේ tattoos 100ක් කොටපු පුද්ගලයෙක්

null

56 හැවිරිදි Ted Richards ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ‘parrot man’ කියන නමින්. එකට හේතුව ඔහු තම සිරුරේ විවිධ වර්ණ වලින් tattoos 110ක් සිදු කරගෙන තිබීම නිසාය.

tattoos වලට අමතරව ඔහු සිය සිරුරේ ස්ථාන කිහිපයක් සිදුරු කර අභරණ ද පැළඳගෙන සිටී. ඔහු එයින් කිහිපයක්ම කර ඇත්තේ මුහුණටය. ඔහුගේ කට, නළල ප්‍රදේශය මෙන්ම දිවද සැත්කමක් සිදු කරමින් සිදුරු කර තිබේ.

මේ සියල්ල සිදු කිරීමෙන් පසු හිස් තැනකට ඉතිරිව ඇත්තේ ඔහුගේ දෑස්‌ පමණි. නමුත් මෑතකදී ඔහු සිය දෑස්‌ වලටද tattoo ink කර තිබේ. ඒ ඇසේ සුදු පැහැති ප්‍රදේශයට රතු හා නිල වර්ණ යොදාගෙනයි.

“පස් වරකට වඩා වැඩි ගණනක් ඇසට ඉදි කටුව ඇතුලත් කිරීමේදී ඒක දරාගෙන ඉන්න ටිකක් අමාරු වුණා..හැබැයි ඒක ඉවර වුණාට පස්සේ නම් වේදනාවක් නැහැ..ඒ වගේම දිවට සැත්කම් සිදු කරාට පස්සේ අපහසුවක් දැනුනත්, කාලයක් යද්දී මම ඒකට හුරු වුණා.” යනුවෙන් Ted Richards ඒ පිළිබඳව අදහස් දක්වා තිබේ.

මේ සැත්කම් සිදු කිරීමට පැයකට වඩා වැඩි කාලයක් මෙන්ම විශාල මුදලක් ද වැය වෙලා තියෙනවා.

Ted Richards වැඩි දුරටත් පවසන්නේ මේ දේවල් සිදු කරන්නේ තමන්ගේ තෘප්තිය සඳහා බවයි. හැම සතියකදීම තමන්ගේ පෙනුම කුමන හෝ අයුරකින් වෙනස් කරගැනීමට තමන් කැමති බවද ඔහු පවසයි. මේ අයුරින් සමාජයේ ගැවසෙන්නට ඔහුට බාධාවක් නැතිදැයි විමසු විට ඔහු පවසා ඇත්තේ තමන් පිළිබඳව අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුමට 3000කට අධික friend requests ගණනක් ලැබුණු බවත්, ඒ තුලින් හොඳ ප්‍රතිචාර ලැබුණු බවත් ය.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>