සිර මැදිරියේදී ගෙළ වැළලාගෙන අයෙක් මියයයි

null

අනුරාධපුරය – තිරප්පනේ පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී සැකකරුවෙකු අද (03) අලූයම ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි එප්පාවල ප්‍රදේශයේ පදිංචිවසිටි පුද්ගලයෙකි.

පැවසුවේ නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අදාළ සැකකරු ඊයේ (02) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

සිරමැදිරිය තුළදී ඔහු ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙන බවට විශ්වාස කෙරෙන බව පොලිසිය පවසයි.

සැකකරු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත. දිවි හානි කරගත් සැකකරුට ද පොලිස් ඇප නියම කර ඇති අතර එහෙත් එම ඇප සඳහා අත්සන් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා සැකකරු සිරමැදිරිය තුළ රඳවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>