සිර මැදිරියේදී දිවි නසාගත් අයගේ මරණය සැකසහිත බව ඥාතීන් කියයි

null

අනුරාධපුර – තිරප්පනය පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළදී සැකකරුවකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණි. පොලිසිය පැවසුවේ සිරමැදිරිය තුළදී ඔහු ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙන බවට විශ්වාස කෙරෙන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල මාවතවැව පදිංචි සරණපාල දිසානායක (42) නමැති පුද්ගලයෙකි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි තිරප්පනය පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ නීති විරෝධි මත්පැන් ලග තබාගෙන සිටියදී පෙරේදා (02) පස්වරුවේ එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් දෙදෙනාගෙන් එක් පුද්ගලයකුට පොලිස් ඇප ලබා දීමට පුද්ගලයකු ඉදිරිපත් වීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන පොලිස් ඇප මත මුදා හැරි බවත්,පොලිස් සිර මැදිරිය තුළ සිය දිවි නසාගත් පුද්ගලයාට ඇප ලබා දීමට කිසිවකුත් නොපැමිණීම හේතුවෙන් ඔහු තිරප්පනය පොලිස් ස්ථානයෙ සිර මැදිරියෙහි පොලිස් භාරයේ සිටි බවත්, ඔහු පොලීසිය ලබා දුන් කටඋත්තර අනුව තමන් එප්පාවල මාවතවැව ප්‍රදේශයේ පදිංචි බව හා තමන්ගේ නම සුනිල් දිසානායක බවට ඔහුගේ නම අසත්‍යය ලෙස පොලීසියට ඇති බවත්, තමාගේ බිරිද විදේශ ගතව සිටින බවටත් සැකකරු පොලීසියට කටඋත්තරයක් ලබා දුන් බවත් ය.

ඊයේ (03) අලුයම 03.00 ට පමණ සිර මැදිරි පරික්ෂාවට ගිය පොලිස් නිළධාරියකු සිර මැදිරිය තුළ සිටි සැකකරු සිය දිවි නසා ගෙන ඇති බව දැක ඇතැයිද තිරප්පනය පොලීසිය පවසයි. ඒ අනුව සැකකරු ඊයේ (03) අලුයම 02.00 ත් 03.00 ත් අතර කාළය තුලදී සිය දිවි නසා ගන්නට ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

සිර මැදිරිය පොලිස් ස්ථානයේ නිළධාරීන්ට නොපෙනෙන තැනක ස්ථාපිත කර තිබීම හේතුවෙන් එම අවස්ථාවේ රාජකාරියේ නියතව සිටි පොලිස් නිළධාරීන් මෙම පුද්ගලයා ගෙල වැලලාගන්නා අයුරු නිරීක්ෂණය වී නොමැති බව පැවසේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිය දිවි නසා ගත් බව පොලීසිය පැවසූවද එම මරණය සැක සහිතයැයි මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් පවසති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>