03 Jan 2015
සිව් පුද්ගල ඝාතකයා මා ඔයට පැන මරුට
වෙන්නප්පුව – නයිනමඩුව ප්‍රදේශයේ එකම පවුලේ සිවු දෙනෙක් ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මා ඔයට පැන සියදිවි හානිකරගෙන තිබෙන බව පොලීසිය පවසයි.
ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනා මෙලෙස ඝාතනය කර තිබුනේ එම නිවසේ මුරකරු ලෙස සේවය කල පුද්ගලයෙක් සහ ඔහුගේ අනියම් බිරිඳය.
අද පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහිදී තමන් මෙම අපරාධය සිදු කල බව සැකකරු විසින් පාපොච්චාරණයක් සිදු කර තිබේ.
කෙසේ වෙතත් තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර සැකකරු කොච්චිකඩේ තෝප්පුව පාලම අසළ පැවැති රථ වාහන තදබදයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී මා ඔයට පැනි සියදිවි හානිකරගෙන තිබෙන බව අද නිව්ස් වාර්තා කරයි.