සිව් හැවිරිදි දැරියක් අතුරුදහන්

kidnapped

වැල්ලව,අඹකොළවැව,නිකදළුපොත ගම්මානයේ වයස අවුරුදු 4යි මාස 6ක් වයසැති දැරියක අතුරුදහන්ව තිබේ. ඇය පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ රාත්‍රීයේ තමන් සමග නිවසේ නිදා සිටි දැරිය මෙසේ පැහැරගැනීමට ලක්වුණු බව දැරියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර ඇති බව හෙතෙම සඳහන් කරයි.

අද අලූයම 2ට පමණ ඇය අතුරුදන් වී ඇත්තේ නිවැසියන් නිදා සිටින විටයි. ඇගේ මව, පියා, වැඩිමහල් සොහොයුරා සහ බාල සොහොයුරිය ද එම අවස්ථාවේ නිවසේ සිටි බව සදහන්. මෙම මව කඩයප්පන් සාදා දරු තිදෙනා ජීවත් කරව ඇත. අතුරුදහන් වී ඇත්තේ නිවුන් දැරියකි.

ඉටි රෙදි ගසා තිබු ජනේලයෙන් ගෙට පැන එම දැරිය පැහැරගෙන ගොස් ඇත.

එම දැරිය සෙවීම සදහා පොලීසිය විසින් මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කරයි.

1

2

3

4

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>