සිසුන්ට ලිංගික අතවර කරන රුහුණේ නවක වදය

null

රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට මුහුණපෑමට සිදුවී තිබෙන අමානුෂික නවක වදය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගියදා එම විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨයින් ලබා දුන් නවක වදය හේතුවෙන් මේ වන විට සිසුවියන් 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බවද වාර්තා වේ.

එලෙස නවක වදය අත්විඳි සිසුවෙකු පවසා ඇත්තේ කළුවර කාමරයක් තුලට රැගෙන ගොස් තරුණියන් හට අසබ්ය වචනයෙන් බැන වදින බවත්, ඒ සමගම සිසුන් සිප ගැනීමට බල කරන බවත් ය.

විශ්ව විද්‍යාල තුල නවක වදය ක්‍රියාත්මක විය යුත්තේ සිසුන්ගේ එකමුතු බව සහ සහයෝගීතාවය වර්ධනය කරගැනීමට විනා සිසුන් තලා පෙලා අමානුෂික ලෙස හිරිහැර කිරීමට නොවේ.

මේ හේතුවෙන් බොහෝ සිසුන් මානසික රෝගීන් වන අතර ඇතැමුන් සිය දිවිහානි කරගැනීමට පෙළඹුන අවස්ථා ද අපට මින් පෙර අසන්නට ලැබුණි. කෙසේ වෙතත් තවමත් වගකිවයුත්තන් මෙයට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙනීයයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පවසා ඇත්තේ නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලය විසින්ම විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත්, ඊට වගකිව යුතු සිසුන් සොයා ගැනීම සඳහා හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් ය.

රුහුණු විශ්ව විද්‍යාලය තුල නවක වදය ක්‍රියාත්මක වන අයුරු එහි සිසුවෙකු විසින් හෙළිකර තිබෙන අයුරු…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>