සිසුවාට පිහියෙන් ඇන ඇත්තේ පෙම් පළහිලව්වකටයි

student
ඊයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සිසුවෙකුට පිරිසක් විසින් පැමිණ පිහියෙන් එන බරපතල තුවාල සිධුකර පලාගොස් තිබුනා. එම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ දිනයේදීම අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත් වූ අතර පොලිස් නිලධාරියෙකු පැවසුවේ අත්අඩංගුවට ගත සැකකරු සිසුවාට පිහියෙන් ඇනීම සඳහා ඔහු අල්ලාගෙන සිට ඇති බවත් පිහියෙන් ඇන පලාගොස් සිටින සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

එම සැකකරුවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ පිහි පහරට ලක්වූ සිසුවා පිහියෙන් ඇන පලාගොස් සිටින සැකකරුගේ පෙම්වතියට කෙටි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් පිහියෙන් ඇන ඇති බවයි.

පිහි පහරට ලක්ව බරපතල තුවාල ලබා අම්බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුවාගෙන් ඊයේ වනතෙක් කටඋත්තරයක් ලබා ගැනීමට නොහැකි වූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>