සිසුවාට සහ එක්දරු පියාට පහරදීම ගැන පරීක්ෂණ ඇරඹේ

null

සේයා සදෙව්මි දැරිය ඝාතනය පිළිබඳ පරීක්ෂණවලදී කොටදෙණියාව පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳ සිදුකරන විමර්ශනයේ අතුරු වාර්තාවක් ලබන 07 වැනිදා ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා විසින් සිදුකරන ලද පැමිණිල්ලට අනුව පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් සිදුවෙයි.

එහිදී බාල වයසකාර පාසල් දරුවා කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි තිබුණේද යන්න පිළිබඳවත්, ඔවුන්ව අඩංගුවට ගැනීමෙන් පසු පහරදීම් කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිලි පිලිබදවත් පරික්ෂණ ආරම්භ කර ඒ පිළිබඳව වාර්තාවක් එළැඹෙන 07 දා පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.

බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජි.කුලරත්න මහතා විසින් අදාළ විමර්ශනය සිදුකරන බව සඳහන්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>