සිසුවියක් දෙමාපියන්ට පිහියකින් පහරදීලා
ගාල්ල – නාගොඩ – කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් සිය මවට සහ පියාට මන්නා පිහියකින් පහරදී තුවාල සිදුකර තිබේ.
එම සිසුවිය ගාල්ල – මාපලගම ප්‍රදේශයේ විද්‍යාලයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර සිසුවිය සිය මිතුරියන් සමග නිරන්තරයෙන් කාලය ගතකිරීම පිළිබඳව ඇයට දෙමව්පියන් දෝෂාරෝපණය කර තිබේ.
සිද්ධිය වූ දිනයේදීද දෙමව්පියන් මේ පිළිබඳව ශිෂ්‍යාවට දෝෂාරෝපණය කර ඇති අතර මෙයට උරණ වූ ඇය නිදි වර්ජිතව සිට දෙමව්පියන්ට මෙලෙස මන්නා පිහියකින් පහරදී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම ශිෂ්‍යාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඊයේ බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා ළමා නිවාසයක රැඳවීමට නියෝග කර තිබේ. එමෙන්ම එම ශිෂ්‍යාව පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.