සිසුවියක් රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි

01

දඹුල්ලේ රිය අනතුරකින් තුවාල ලැබු සඳලි පුන්සරණි සිසුවියට දඹුල්ල රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව ද වෛද්‍යවරු ද පියවර ගෙන තිබේ. ඇය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටියදීය ඒ ඊයේ පෙරවරුවේ දඹුල්ල ඉනාමලුව මංසන්ධියේදී පෞද්ගලික බස් රථයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින්ය.

මෙම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් මගින් 25 දෙනෙකු සහ යුද හමුදා ට්‍රක් රථයේ ගමන්ගත් හමුදා සෙබළුන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අතර එක හමුදා සෙබෙලකු මියගොස් තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ මෙම සිසුවිය දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර කිරීමෙන් පසු වෛද්‍යවරුන් ඇය විභාගයට පෙනී සිටීමට සුදුසු සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවට නිර්දේශ කර ඇත. ඒ අනුව විභාග කොමසාරිස්වරයාගෙන් කල විශේෂ අවසරයකින් පසුව ඇයට රෝහලේදී විභාගය ලිවීමට අවසර ලබාදී තිබුණි.

02

03

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>