සිසුවෙකු දිවි දුන් හේතුවෙන් උතුරේ සියලු පාසල් වැසෙයි

null

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන සිසුවෙකු දිවි නසා ගැනීමේ සිද්ධිය හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් අද (27) දිනයේ වසා දමා තිබේ.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආර්. රවීන්ද්‍රන් මහතා උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ අද (27) දිනයේ පාසල් වසා දමන ලෙසටයි.

පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසා මහතාගේ නියෝගයක් යටතේ මෙම තීරණය ගත් බවයි ලේකම්වරයා කියා සිටි. සිසුවාගේ දිවි හානිකර ගැනීම හේතුවෙන් පාසල් දරුවන් කලහකාරී ලෙස හැසිරීමට ඇති ඉඩ සලකා මෙවැනි තීරණයක් ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උතුරු පළාත තුළ පාසල්වල නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවයි. නමුත් එම නිවාඩු දීම අවලංගු කිරීමට රේඛීය අමාත්‍යාංශයට බලතල නොමැති බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා මේ සම්බන්ධයෙන් අදාළ පළාත් අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් සිදුකරන බවද සඳහන් කර තිබේ.

යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් නමැති පාසල් සිසුවා ඊයේ (26) උදෑසන කොණ්ඩාවිල් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන දිවි නසා ගෙන තිබුණි.

මෙම සිද්ධිය පාදක කර ගනිමින් යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන්ද ඊයේ (26) විරෝධතාවක නිරත වුයේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා රජය වහා කටයුතු කළ යුතු බව පවසමිනි.

කෙසේ වෙතත් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කරනු ලබන්නේ නීතිමය ක‍්‍රමවේදයකට අනුව බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>