සිසුවෙකු මැරූ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සිරගෙට

null

80 දශකයේ අගභාග ෙය් අැරඹි භීෂණ සමයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් මරා ටයර් සෑයක දමා පිළිස්සීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පානදුර මහාධිකරණ විනිසුරු මොහොමඩ් රෂීන් මහතා වසර 08 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

16 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවේ සිටිය දී මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වසර 24 කට පසු මෙම නිලධාරීන් වරදකරුවන් වුණා.

මෙසේ දඬුවම් නියම වූයේ අපරාධය සිදුකරන අවස්ථාවේ හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ වත්මන් පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා, සැරයන්වරු වන දීප්ති ශාන්ත හා මුදියන්සේලාගේ ජයසේන යන විත්තිකරුවන් තිදෙනාටයි.

පොලිස් නිලධාරීන් ලෙස රාජකාරියේ යෙදී සිටියදී මෙම වරද සිදුකර ඇත්තේ 1990 ජූනි මස 15 වන දිනදීයි.

සිරදඬුවමට අමතරව රුපියල් 25,000/- බැගින් දඩ මුදලක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් අමතර සිර දඬුවමක්ද ඔවුන්ට පනවා ඇත.

හොරණ රාජකීය විද්‍යාලයේ සිසුවකු වූ පෝරගේ ජනිත් නාලක කුමාර පෙරේරා නමැති මියගිය සිසුවා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව යම් යම් භීෂණ ක්‍රියාවල හොරණ ප්‍රදේශයේ පාසල් ආශ්‍රිතව සිදුකළ බවට සැකකරමින් පානදුර පොලිසියේ විහිදුම් විමර්ශන ඒකකය මඟින් 1989 දෙසැම්බර් මස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියදී විත්තිකාර පොලිස් නිලධාරීන් තිදෙනා පානදුර පොලිසියට පැමිණ වැඩිදුර විමර්ශන සඳහා සිසුවා හොරණ පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

1990 ජූනි 15 දින රැගෙන ගිය මේ සිසුවාගේ සිරුර රාත්‍රී 12.00 ට පමණ හොරණ ප්‍රදේශයේ පිළිස්සෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් දැක ඇති අතර විශ්‍රාමික පොලිස් නිලධාරියකු වූ මේ සිසුවාගේ පියා එම ස්ථානයට පැමිණ ගින්න නිවාදමා ඇති සඳහන්.

ටයර් සෑයක දමා පුළුස්සා තිබූ එම මිනිය පරීක්ෂා කිරීමේදී එහි කකුල් ප්‍රදේශය පිළිස්සී නොතිබූ බවත්, එවැනි තැනක තිබූ තුවාල කැළලකින් සිය පුතු හඳුනාගැනීමට හැකි වූ බවත් සිසුවාගේ මව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත.

දෙමාපියන් හා අසල්වැසියන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගත් විශේෂ පොලිස් කණ්ඩායමේ පරීක්ෂණ වාර්තාව අනුව නීතිපතිවරයා විසින් එවකට හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි වත්මන් පොලිස් අධිකාරිවරයා හා පොලිස් සැරයන්වරුන් තිදෙනාට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරමින් පානදුර පළාත්බද මහාධිකරණයේදී නඩු පවරන ලද්දේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේයි. ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් එලෙස දඬුවම් නියම කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>