සීනි වෙනුවට යූරියා යෙදූ තේ බී 27ක් රෝහලේ

null

මීගමුව දොන්බොස්කෝ කාර්මික පුහුණු ආයතනයේ සිසුන් 27දෙනෙකු ආහාර විෂවීමකින් අසාධ්‍ය වී රෝහල් ගත කර තිබෙන අතර මෙම සිසුන් සියලූදෙනා වසය අවුරුදු 16ත් 21ත් අතර පසුවන්නන්.

ඊයේ (08) සවස තේ පානය සඳහා සකස් කෙරුණු තේ වලට සීනි වෙනුවට යූරියා පොහොර යොදා තිබීම මෙම ආහාර විෂවීමට හේතුව බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම ප්‍රජා සත්කාරක මධ්‍යස්ථානයට පුණ්‍යාධාර ලෙස ලැබෙන සීනි තේ කුඩු තබන ස්ථානය සමීපයේ මල්වලට දැමීම සඳහා පොහොර ලෙස භාවිත කරන යූරියා බෑග් කිහිපයක් ද තිබී ඇති බව ය.

සිසුවෙක් එම ස්ථානයේ තිබූ යූරියා බෑගයක් සීනි යැයි සිතා මුළුතැන් ගෙය වෙත ලබා දී තිබේ.

කෙසේ වෙතත් දැනට රෝහල් ගත කර සිටින සිසුන්ගේ තත්වය අසාධ්‍ය නොවන බව වෛද්‍යවරුන් පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>