සීපා ගිවිසුම ගැන සාකච්ඡාවක්වත් කර නැහැ

null

රජය සීපා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කොටුව – ජනාධිපති මන්දිරයේ දී අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

අගමැතිගේ ඉකුත් ඉන්දීය සංචාරය අතරතුර “සිපා” ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඇතැම් දේශපාලන පක්ෂ විසින් සඳහන් කරන ලදී. එහෙත් එම ප්‍රකාශය අසත්‍ය බවත්, අගමැතිගේ ඉන්දීය සංචාරය තුළ “සිපා” ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කර නොමැති බවත් ජනපතිවරයා පවසයි.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් වාර්තාව පසුගිය දින ලංකාවට ලැබුණු බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට බලයේ සිටියා නම් එම වාර්තාවේ තත්ත්වය බරපතළ වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

මේ අතර, එම සාකච්ඡුාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ඇතිවීමට ගිය ප්‍රබල ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනීමට රජයට හැකි වූ බවයි. පසුගිය රාජපක්ෂ පාලනය තවදුරටත් පැවතුණා නම් ආර්ථික සම්බාධක පවා ශ්‍රී ලංකාවට එරෙහිව පැනවීමට ඉඩ තිබූ බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>