සීමා උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම වරදක් නොවේ

null

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීමට සිදුවුවහොත් එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය රූපවාහිනී ආයතනයක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා පළ කළ මෙම අදහස්වලට ඉන්දීය ප්‍රධාන පුවත්පත් රැසක් අද විශේෂ ස්ථානයක් ලබාදී තිබුණි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි කවුරුන් හෝ තමාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සය කළහොත් තමාහට අදාළ පුද්ගලයාට වෙඩි තැබීමට හැකියාවක් පවතින බවත්, නිතියෙන් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ඉන්දීය ධීවරයන්ගේ ආක්‍රමණශීලී පිළිවෙත්වලට ප්‍රතිචාර දැක්වීම මානව හිමිකම් උල්ලංගණය කිරීමක් නොවන බවත්, ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත්තේ නීතියට අනුකූලව බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් සෙවිය යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා එය ශ්‍රී ලංකා ධීවරයින්ගේ දිවි පෙවෙතට හානි නොවන අයුරින් සිදුකළ යුතු බවද පෙන්වා දෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>