සීයාත් තරුණයො පස්දෙනාත් දැරිය දුෂණය කරලා

null

එකොළොස් හැවිරිදි දැරියක් අතවරයට පත් කළේ යැයි කියන 90 හැවිරිදි සීයාත් එම දැරිය දූෂණය කළ තරුණයන් හතර දෙනකු ලබන මස පළමු වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත මහත්මිය විසිනි.

මව විදෙස්ගතව සිටියදී 90 හැවිරිදි සීයාගේ අතවරයට හා තරුණයන් හතර දෙනකුගේ දූෂණයට ලක්වූ එකොළොස් හැවිරිදි තම දියණිය මතුගම කොළඹ බස් රථයක නංවා අතරමං කර ඇය අතුරුදන් යැයි මීගහතැන්න පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් කළ පියාද ලබන මස පළමුවැනි දින තෙක් රිමාන්ඩ් ගත කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි අතවරයට පත් දැරියගේ මව මීට වසර හයකට පෙර විදේශ ගතව දරු පවුල අමතක කර දමා ඇතැයි පොලිසිය කීය. පසුව දැරියගේ පියා වූ හය වැනි සැකකරු තවත් කාන්තාවක් අඹුකමට ගෙන්වාගෙන ඇත. ඇගෙන් සිදුවන හිරිහැර නිසා මහණදම් පිරීම සඳහා සැකකරුගේ අවුරුදු 13 හා 15 වයස්වල පිරිමි දරුවන් දෙදෙනා විහාරස්ථානයකට භාර දී ඇත.

කොළඹ පිටකොටුවේදී අතරමං වූ දැරිය අම්බලන්ගොඩ ප්‍රදේශයට රැගෙන ගිය කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බුද්ධි අංශයේ පොලිස් සැරයන් සමරසිංහ (4579) මහතා දින ගණනාවක් තිස්සේ සිදු කළ රහසිගත පරීක්ෂණයක ප්‍රතිඵල අනුව සැකකාර පියා ඇතුළු දූෂකයන් අත්අඩංගුවට ගෙන ඇත. මීගහතැන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කරයි.

මතුගම – වසන්ත කුමාර

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>